නලින් ද සිල්වාගේ නියම සහ ලංකාවේ දාර්ශනික දරිද්‍රතාව
1:31:16

නලින් ද සිල්වාගේ නියම සහ ලංකාවේ දාර්ශනික දරිද්‍රතාව

Dunna 20.10.2025 225 просмотров 14 лайков

Machine-readable: Markdown · JSON API · Site index

Поделиться Telegram VK Бот
Транскрипт Скачать .md
Анализ с AI
Описание видео
කීර්තිශේෂභාවෝපගත ආචාර්ය නලින් ද සිල්වා [BSc(Cey), DPhil (Sussex), MIAU ] ශ්‍රීමතාණන්ගේ 81 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමාගේ ජීවිතය , දර්ශනය හා එම දර්ශනයේ භාවිතය පිළිබඳ එතුමා සමීපව ඇසුරු කළ නාලක ජයසේන විසින් සිදු කරනු ලබන ගුණානුස්මරණය...

Оглавление (19 сегментов)

Segment 1 (00:00 - 05:00)

ආයබෝන් දුන්නයූටියුබ් නාලිකාවෙන් අද අපි ඔබ වෙත ගෙන එන වැඩසටහන සුවිශේෂ එකක්. ඒ අදවැනි දවසක ඉපදුනු ජාතියේ මහා ප්‍රාඥා වශයෙන් සැලකෙන ආචාර්ය නලින්ද සිල්වා ගුරුතුමා පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් තතු පිළිබඳවයි. ආචාර්ය නලින්ද සිල්වා. එහෙම නැත්නම් නලින්ස මහාචාර්ය නාලින්ද සිල්හ මෙතුමා ගැන අපේ රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතුයයි මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් එතුමා පිළිබඳව අපේ සමාජයේ විවිධ මත තිබෙනවා. ඒ මත ඇත්ත වශයෙන්ම එතුමා හා සම්බන්ධ සත්‍ය මතවාද? නොයසේ නම් ඒවා ගොතනලද මතවාද? නොයසේනම් ඒ මතවාදවල සැබෑ තත්ත්වය කවරයද යන්න පිළිබඳව මේ විශේෂ වීඩියෝ පටයේදී මම අවධානය යොමු කරන්න කැමතියි. ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා දිවන් ගතවන්නේ 2024 මේ මස දෙවෙනිදා. එතුමා දිවන් ගතවන්නේ ඇමෙරිකායෙක්සත් ජනපදයේදී එතුමා මිය ගිය බව ශ්‍රී ලංකාවට වාර්තාවේ සන්ධ්‍යා භාගයකදී. ඒ මොහොතේදී මගේ මතකය මම ඉතා වේගයෙන් ලිපියක් බවට පත් කරනවා. එතුමා පිළිබඳව ඉන් පසුදා අරණ ජාතික පුවත් පතේ එතුමාගේ ඒ ජීවිතවරගත් පලවෙනවා ම විසින් ලියන ලද ඒ ලිපියෙන් මම එතුමා පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් කරුණු ජනගත කරනවා. ඉතින් අද වැඩසටහනට මම ඒ ලිපියත් පාදක කරගන්න කැමතියි. ආචාර්ය නලින්ද සිල්වා කියන සුවිශේෂ චරිතය පිළිබඳව අපි කතා කරනකොට එතුමා ගොඩනැගුණු පසුබිම පිළිබඳවත් දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අද එතුමාගේ උපන් දිනය ඔක්ටෝබර් 20 එතුමා උපදින්නේ 1944 වසරේදී එතුමාගේ මව් පියන්වන්නේ ගුරු විදුහල්පති යුවලා. එතුමාගේ සම්පූර්ණ නම වශයෙන් උප්පැන සහතිකය සඳහන් වන්නේ තකුරාර්ථ දේවාදිත්‍ය ගාතිය වසම් ලිඳ මුලගේ නලින් කුමාරද සිල්වා. එතුමාගේ පියා ධනෙල්ද සිල්වා මවඩේලින් පෙරේරා. අපි දන්නවා අපේ රටේ මේ 1940 වකවානුව කියලා කියන්නේ පරිවර්තන යුගයක්. පරිවර්තන යුගයක් කියලා කියන්නේ අධිරාජ්‍යවාදය සහ ජාතිකවාදය අතර ගැටුමක් තිබුණු යුගයක්. ඒ කියන්නේ අධිරාජ්‍යවාදයෙන් නිදහස් විය යුතුය යන හැඟීමෙන් ජාතිකවාදී බලමුළු එක්රොක්ව අරගල කළ යුගයක්. ඉතින් මේ යුගයේදී ශ්‍රී ලංකාවේ එවකට ඇත්තටම අද ශ්‍රී ලංකාවෝත් එවකට ලංකාව අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනකොට මෙරට සංස්ථාපනය වුණා බටහිර අචුවේ අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ බටහිරින් අපිට ලැබුණු

Segment 2 (05:00 - 10:00)

පාසල් ක්‍රමය එතකොට මේ මෙතුමගේ ආචාර්ය නලින්ඳ සිල්ව මැතිතුමාගේ දෙමව්පියන් අන්න ඒ බටහිර අච්චුවේ පාසල් වල උගන්නපු ගුරුවරු. හැබැයි මේ අය බටහිර අච්චුවේ පාන්සල් වල ඉගැන්නුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය අමතක කළේ නැහැ. ඉතින් ඒ නිසා කුඩා නළිඳ සිල්වා ගමේ පන්සලට ගමේ පන්සලේ ඇසුරට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රයට යොමු කරන්නට මේ දෙමව්පියෝ ඉතාම කැමැත්තෙන් යොමු කළා. එහෙනම් අපි පළමුවෙන්ම වටහගත යුතු කාරණාව තමයි මේ නලින්ද සිල්වා කියන චරිතය සමාජානුයෝජනය වෙන්නේ. එහෙම නැත්නම් සමාජයට පුහුණු වන්නේ පන්සලත් ඇසුරු මිතුරු කරගෙන කියන කාරණාව. මේ නලින්ද සිල්වා පළමුවෙන්ම පානදුර වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලය තමයි ඉගෙනගන්නේ. එතකොට මේ මිශ්‍ර පාසල මම කලින් කිව්ව විදිහට බෞද්ධ පාසලක් වුනත් එහිත් මේ බටහිර මෙෂනාරි අච්චුව ඉගැන්වීම් ක්‍රමයක් තමයි තිබුණේ. නමුත් මෙතුමා ඒ පාසලේ කෙටි කලක් ඉගෙනුම ලැබර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය සඳහා දෙමෝපියන් එක්ක රැගෙන යනවා. එතුමා ඒ වෑකඩ බෞද්ධ පාසලයේ තුනේ පන්තියේ ඉගෙනගන්නවා. ඔබ දන්නවා ගුරුවරුන්ගේ දරුවන් ඒ කාලේ ගුරුවරුත් එක්කම පාසල් ගියා. නමුත් ඇත්තටම එතුමාගේ වයසත් එක්ක බැලුවයින් පස්සේ එතුමා තර්ස්ටන් විද්‍යාලයට යනකොට හිටියේ මේ දෙකේ පන්තිය. ඒ නිසා තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය දෙකේ පන්තිය ඉඳලා තමයි එතුමා ලබන්නේ. හැදෙන ගහා දෙපැත්තෙන් දැන කියමන සනාත කරමින් එතුමා කුඩා කල දක්ෂතා දක්වනවා. තර්ස්ටන් විද්‍යාලයේ නලින්ද සිල්ගේ පන්තිාල ගුරුවරිය එතුමා ගැන පුවත් පතකට ලිපියක් සම්පාදනය කරනවා ලේක්ඛායතනයෙන් අලවු ඔය අතර රාජකීය විද්‍යාලයට එවකට තිබුණා ඇඩ්ිෂන් ටෙස්ට් එකක් ඒ කියන්නේ බඳවා ගැනීමේ පරීක්ෂණයක් ඉතින් මේ නලින්ද සිල්වා තර්ස්ටන් විද්‍යාලයේ අල්ලපු වැටේ තියෙන රාජකීය විද්‍යාලයේ මේක කොළඹ ඇකඩමිය විදිහට තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. රාජකීය විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණ විභාගයට එතුම මුහුණ දෙනවා හයවැනි වසරේදී ඔහු ඉතාම පහසුවෙන් ඒ පාසලේ ඉගෙනගන්නවා. හයවන ශ්‍රේණීය සිටතුමා වයසේ වැඩෙත්ම පාසලේ බොහෝ දක්ෂතා දක්වනවා. ඒ දක්ෂා කොතෙක්තයත් ඒ පාසල් ගමනතුමා නිම කරන්නේ එම වසරේ ඒ කියන්නේ නලෙන්සි මහත්මයාගේ සමකාලීන වසරේ ශුද්ධ ගණිතයට සහ විවර ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි වන ක්‍යාග ලබාගනිමින් එතරක් නෙමෙයි එතුමා රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විවාද කණ්ායමේ සිටියදී

Segment 3 (10:00 - 15:00)

එතුමාගේ අභීතභාවය පෙන්නුම් කරන විශේෂ නිදර්ශනයක් එතුමා පෙන්වා තිබෙනවා. තමයි මේ පාසලේ සිංහල විවාද කිරීම සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. අපි දන්නවා කොළඹ රාජකීය විද්‍යාලය ලංකාවේ ප්‍රධානතම ඉංග්‍රීසි අධ්‍යාපන මධ්‍යස්ථානය එහෙම නැත්නම් මරමස්ථානය විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ සමාජ පසුවිමත් එක්ක සිංහල භාෂාවට එහි නිසිනක් ලැබුණේද කියන සැකය අපිට අද ඉඳලා අතීතය දිහා කල්පනා කරද්දී බලන්න පුළුවන්. ඉතින් එතුමා මේ සිංහල භාෂාවෙන් විවාද කිරීම සම්බන්ධව පැනනගින ප්‍රශ්නයකදී විදුහල් පතිවරයාට එම තත්ත්වය විවේචනය කරමින් ලිපියක් යොමු කරනවා. මෙතනින්ම ඔප සිද්ධ වෙනවා නලින්ඳ සිල්ව මහත්මාගේ අදීන චින්තනය. ඒ වගේම තමයි එතුමා මේ විදිහට පාසල් ගමන නිම කරන්නේ එතර සස්පලට හදහරන්නේ මේ භෞතීය විද්‍යා විශෂ්‍ය ධාරාව එතකොට එතුමා ලංකාවෙන්ම වැඩිම ලකුණු ලැබූ දහ දෙනා අතරට තෝරා පත් වෙනවා. තේරත් වෙනවා මේ විභාගයෙන්. ඒ අතරතුර අද වගේ නෙමෙයි ඒවකට විශේෂ හැකියාවක් තිබුණා මේ පාසලින් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට වාඩි වෙනවත් එක්කම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයටත් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. තමන් කැමතිනම් එවකට සිටි පාසල් විද්‍යාන්ට. ඒ අනුව එතුමා එවකට ලංකාවේ උපාධි අන්තර් මධ්‍යමය ලෙස සලකන ලඬන විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයට පේනී සිටිනවා. එයින් එතුමා සමත් වෙනවා. අන්න ඒ ප්‍රතිඵල මත එතුමා වාදුව මධ්‍යම විද්‍යාලයේ උසස් පැල ගණිතය උගන්වන්න යොමු වෙනවා ගුරුවරයෙක් වශයෙන් එතුමාට විශ්වවිද්‍යාලයේ පාඨමාලා ආරම්භ කරන තේ. එතකොට මම කලින් කිව්වා එතුමා 1962ෙ මුහුණ දුන් මේ භෞති විද්‍යා විශෂය ධාරාව පිළිබඳ පරීක්ෂණෙන් ඉහළම ලකුණු ලබන දහ දෙනා අතරට ලංකාවේ තේරිපත් වෙනවා. ඔබ දන්නවා ගණිතය කරන කෙනෙකුගේ සිහිනය තමයි ඉංජිනේරු වෙන එක. එතකොට ජීව විද්‍යාව හදාරන කෙනෙකුගේ සිහිනය තමයි වෛද්‍යවරයෙකු වෙන එක කලා විශ් ධාරාව හදාරන කෙනෙකුගේ බලාපොරොත්තුව තමයි නීතිඥෙකු වෙන එක මේ වගේ එක් විෂය ධාරාවන් පිළිබඳව කුඩා කලසිටම අපේ සිහින තිබෙනවා. ඉතින් ආචාර්ය නලින්ඳ සිල්වා මැතිතුමාට එවකට නළිඳ සිල්වා කියන මේ ශිෂ්‍යයාට ඉංජිනේරු යෙකු වෙන්න ඉහළින්ම අවස්ථාව ලැබෙනවා. ආචාර්ය නලින්ද සිල්වා උඩුගම් බලා යන චරිතයක් බව තහවුරු කරමින් එතුමා ඉංජිනේරුෙකුවන සිහිනය අතහැර එතුමා පිරිවිසෙනවා ගණිතය විශේෂ උපාධියක් හදාරන්නට එවකටා විශ්වවිද්‍යාලයට ඒ අනුව එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ පේරදෙනි මණ්ඩපයේ තමයි අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රවිෂ්ට වන්නේ. පෙරදනී විශ්වවිද්‍යාලයේ ගණිතය හදාරන්නට යොමුන එතුමා ඉතාම ඉහළ දක්ෂතා ප්‍රථම වසරේ සිට පෙන්නුම් කරනවා. ඒ අනුව 50ක් පමණ ගණිතමය

Segment 4 (15:00 - 20:00)

භෞතික විද්‍යාව සහිත උපාධියුය එයතුමා හදාරන්නේ පෙරදනියේ මුල් වසර කිහිපේ ඉගෙනගන්නා එතුමට එම විශේෂ උපාධියේ අනෙකුත් අධ්‍යයන කාටයතු සිදු කරන්නට එවකට පෙරදෙනි විශ්විද්‍යාලයේ අනෙකුත් සහෝදර දර මණ්ඩපය තිබුණේ කොළඹ කොළඹට එන්නට සිදු වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් එතුමා කොතරම් දක්ෂ කෙනෙක්ද කියන කාරණාව තහවුරු වෙන තවත් කාරණාවක් මේ එතුමාගේ උපාධි අධ්‍යාපනයනුත් අපිට පෙන්නුම් කරනවා. එතුමා උපාධියේ අවසන් පරීක්ෂණයට පෙනීන්නට අවසර ඉල්ලනවා සරසවියේ දෙවෙනි වසරෙදීම. ඒ කියන්නේ අවුරුදු දෙකකින් අවුරුදු හතරේ උපාධිය නිම කරන්න එතුමා අවසර ඉල්ලනවා. ඒ සඳහා එවකට හිටපු මේ ඩග්ලස් අමරේකර කියන අංශ ප්‍රධානවරයා එකඟ වෙනවා. නමුත් අනෙකුත්රුවයට විරුද්ධ වන නිසා ඒ අවස්ථාවේතුමට ලැබෙන්නේ නැහැ. නමුත් එතුමා ප්‍රථම පන්තයේ සාමාර්ථයක් සහිතව මේ උපාධිය නිම කරනවා. 1967දී 1967 යතුමා ඒ උපාධිය නිමකොට ඒ වසරදිම තාවකාලික සහයක කතිකාචාර්යවරයෙකු වශයෙන් පෙරදෙනි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා ඉගැන්වීම් කටයුතු සඳහා තවත් මාස කීපයක් යනකොට 1968දී මාර්තු මාසේදී එතුමට ට පෙරදනිය විශ්වවිද්‍යාලයේ පාරිවාසික කතිකාචාර්යවරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. මේ විදිහට එතුමට අධ්‍යයන කටයුතු කරමින් සිටියදී අපි දන්නවා උපාධියෙන් පස්සේ පච්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළ යුතුයි. විශ්වවිද්‍යාලයවරයෙකු වශයෙන් ඒ ස්ථිරෙන් අනතුරුව ඉදිරියට යෑම සඳහා ඒ අනුව එතුමා එංගලන්තයේ විශ්වවිද්‍යාල කිහිපයකට අයුම් කරනවා පස්ාත්් උපාධි අධ්‍යාන කටයුතු සඳහා. ඇත්තෙන්ම එතුමට එංගලන්තයේ තිබෙන ප්‍රධානතම විශ්වවිද්‍යාල දෙක වන කේම්බරිජ් සහ ඔක්සවරටඩ් කියන විශ්ව විද්‍යාල දෙකෙන් ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. නමුත් පෙර කී පරිදේතුම නැවතත් අසම්මුතික තීරණයක් උඩුගම් බලා යන තීරණයක් ගන්නවා. ඒ ලෝකය පිළිගත්ත ඉතා පෞරාණික සහ ඒ බටහිර ලෝකයේ ඉතාම කීර්තිමත් විශ්වවිද්‍යාලය දෙකට යන අවස්ථාව තිබියදී එතුමා තෝරගන්නවා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට තමන්ගේ පස්ාත්් උපාධී අධ්‍යයන කටු සඳහා යන්නට ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි එවකට ජනප්‍රිය වෙමින් පැවතී අලුත් විෂයක් හැබැයි ගැඹුරු විෂයක් තිබුණා කොස්මලී මේ cos කොස්මලජි කියන විෂය විව වේදය සරලව කිව්වොත් මේ විශ්වය පිළිබඳව ගණිතමය අධ්‍යායනය එහෙම නැත්නම් මේකට කියන තවත් වචනයක් තමයි සද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව. මේ විශ්ව හදාරන්නට එතුමට සුවේෂ කැමැත්තක් තියෙනවා. එම විශේෂ ක්ෂේත්‍රය සම්බන්ධව ලෝකප්‍රකට මහාචාර්යවරයෙක් සිටිනවා. එතුමාගේ නම තමයිසර් විලියම් hඑ මැක්‍ර ඒ මැක්‍රින්නේ මේ සසිෙක්ස් විශ්ව විද්‍යාලයේ අන්න ඒ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටින මැක්‍රී සොයාගෙන එතුමා යටතේ ඒ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරන්න එතුමා නික්මෙනවාසෙක්ස් විශ්ව විද්‍යාලයට ඔබ විශ්වාස කරනවද

Segment 5 (20:00 - 25:00)

සසසේක්ස් විශ්වවිද්‍යාලයට එතුමා යනකොට ඒ අදාල පාඨමාලාව අවසන් වෙලා තිබුණා මැක්රේගේ. හැබැයි මැක්රේගේ පාඨමාලාවට අදාල මූලික විශ් සිද්ධාන්ත ලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැහැ. ආචර නරන්සිල්වා මහත්මයාට මැක්‍ර යෝජනා කරනවා. දැන් මේ පඨමල අවසන් වුණා. ඔබ ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න. ඊළඟ අවුරුද්දේ මේ පාඨමාලාව නැවත පවත්වනවා. අන්න ඒක හදාරලා මේ පස්ාත් උපාධියට අදාළ පර්යේෂණයක් සඳහා සම්මුක පරීක්ෂණයට එන්න කියලා. මේ නලින් සිසිලව මහත්මයා කියනවා නෑහ මට අවශ්‍ය නැහැ ඒ පාඨමාලාව හදාරන්න. මම ඒක තනියම අධ්‍යයනය කළා මට ඒ සඳහා අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව මැක්‍ර අවස්ථාව ලබා දෙනවා. මැක්‍ර අවස්ථාව ලැබීමත් සමඟ මේ සම්මුඛ පරීක්ෂණය තියන්න එවකට හිටපු කීර්තිමත් විද්‍යාඥයෙවන ලින්ඩන් බෙල් ඔහු ඉතාම ප්‍රබල විද්‍යාඥයෙක්වකට සිටපු එම විද්‍යාඥවරයා විසින් නලින්ඳ සිලව පරීක්ෂා කරනවා. ඇත්තෙන්ම ඒ නළිඳ සිල්වා කියන තරුණයා ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙනවා. අර මූලික ඒ පාඨමානාවට සහභාගී නොවී තමන්ගේම උත්සාහයෙන් ඒ දැනුම ලබාගන්න. දැන් මේ විදිහට එතුමයි පශ්චාත් උපාධි සඳහා කටයුතු කරද්දී අපි දන්නවා පර්යේෂණ ගැටලුවක් විසදන්න ඕන සාමාන්‍යයෙන් පත් උපාධීකය. මැක්‍ර උපදෙස් දෙනවා ගුරුත්ව කාච සහ ක්ේසාර කියන මේ ගැඹුරු විශය පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. ඒ අනුව නලින්සි මහත්ම ඉතාම කැමැත්තෙ ඒ සඳහා යොමු වෙනවා. ඔබ දන්නවා ඇල්බර්ට අයින්ස්ටයින් ඉදිරිපත් කරා ලෝකයට සාපේක්ෂතාවය කියලා දර්ශනයක් ඇත්තටම සාපේක්ෂතාවයේ කොටස් දෙකක් තිබෙනවා. එයින් මේ සාධාරණ සාපේක්ෂතාවාදය ඇසුරෙන් තමයි මැක්‍ර යෝජනා කරන පර්ශනය සිදු කරන්නට අවශ්‍ය වන්නේ. එහෙම නැත්නම් එය සිදු කරන්නට යොදාගත යුත්තේ අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවී න්‍යාය. ඒ අනුව එතුමා තමන්ගේ පරේෂණ කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒ පරේෂණ කටයුතු කරද්දී ආචාර්ය නලින්ද සිල්ව මැතිතුමා අලුත් ප්‍රවාදයක් එහෙම නැත්නම් අලුත් න්‍යායක් ලෝකයට බිහි කරනවා තාරකා අවිද්‍යාවට අදාළ ඒ තමයි ගුරුත්ව කාච මගින් ඇති කරන බහු ප්‍රතිබිම්බ පිළිබඳව වර්තමානයේ ලෝකයේ තිබෙන පිළිගත් ප්‍රබල න්‍යායක් තමයි අයිනටයින් crොස් එහෙම නැත්නම් මේ අයින්ස්ටයින්ස් කුරුසය කියන න්‍යාය ඇත්තටම මේ අයින්ස්ටයින්ගේ කුරුසය කියන න්‍යායට අදාළ මූලික ප්‍රවාදය තමයි ආචාර්ය නාලිඳ සිල්වා ඒ පාර්ේෂණය මඟින් සොයාගන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මම කලින් කිව්වනේ සාමාන්‍යයෙන් එක ගැටලුවයි විසදන්න ඕන ආචාර්ය උපාධියක් ලබාගන්න. නමුත් නාලින්ද සිල්ව මහත්මයා එක ගැටලුවක් වෙනුවට තවත් ගැටලුවක් විසදන්න යොමු වෙනවා. ඒ තමයි භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම පිළිබඳව ඒ තාශ්‍රිත ගැටලුවක් විසදන්නට එතුමා යොමු වෙනවා. ඒ අනුව එතුමා තාරකා භෞතිකයේ සාපේක්ෂතවාදී ගුරුත්ව ආවරණය රලවස්ටිic gravitational ඉs in ඇස්ටic මෙන්න මේ මාතෘකාව යටතේ අර මම කලින් කියපු දෙවෙනි ප්‍රශ්නයත් විසදෙන තවත් විස්මිත කාරණාවක් එතුමාගේ ජීවිතය සම්බන්ධව එතුමා මා අවුරුදු 26 වෙනකොට මේ ප්‍රශ්න දෙකම විසදලා ඉවරයි. හැබැයි

Segment 6 (25:00 - 30:00)

හැබැයි පීඩී එකකට ආචාර්ය උපාධියකට ගත කළ යුතු කාලය අවම වශයෙන් අවුරුදු දෙකක් වෙනවා. නමුත් මෙතුමා මේ ප්‍රශ්න දෙක විසඳනවා අවුරුදු දෙකක් යන්න කලින්. ඉතින් ආචාර්ය නාලිඳුසිල මහත්මයා මැක්‍රයට කියනවා මමපීਐඩ එකක් කරන්නට ගත වෙන කාලයට පෙර මගේ මේ ප්‍රශ්න දෙක විසඳලා මම මගේ පර්වේෂණ නිබන්ධය සිසස් එක සබිට් කරනවා. කරුණා කරලා මට මේකට phීඩ එකක් නෙමෙයි. ඊට පහල උපාධිය වන එම්ෆීල් එකක්. ඒ අනුවප phීඩ එක වෙනුවට එම්ෆීල් එකක් ලබා දෙන්න කියන ඉල්ලීම මැක්රේ විසින් මදක් හිතනවා. ඔහු කල්පනා කරනවා මේ විශිෂ්ට ශිෂ්‍යයාපීඩී එක නිම කරන්න ඕන කාලයට කලින් එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න දෙකක් විසඳුවා. ඔහුට එම්ෆීල් එකක් දීලා පිටත් කරන එක අසාධාරණයක්. ඒ නිසා මැක්‍ර යෝජනා කරනවා මේ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට විශේෂ අවසරයක් මත එතෙක් භාවිත වන එහෙම නැත්නම් එතෙක් කල් භාවිත කරපු ඒ උපාධි පිරිණීමේ නීති රීති සංශෝධනය කරමින් මේ පීඑස්ඩ එකකට අවශ්‍ය කාලයට ට කලින්ම කරපු උපාධි නිබන්ධය සඳහා ආචාර්පාදිය ලබා දෙන්න කියා. ඒ අනුව සනාතන සභාවම යෝජනාව පිළිගන්නවා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අඩුම කාලයකින් ආචාර්ය උපාධයක් ලැබූ වාර්තාව සමග ආචාර්ය නාලෙන්ස මහත්මයාපීਐඩක ලබාගන්නවා. ඒ වගේම මෙතනදි තව දෙයක් සඳහන් කළ යුතුයි. ඔක්සරඩ් විද්‍යාලය සහ කේම්බරිජ ශ්විද්‍යාලය මේපීඩ ලබාද දීමේදී ඒවා හඳුන්වන සම්ප්‍රදායන් වෙනස්. පීඩී කියන ඒ නාමීකරණය කේම්බරිජ විශ්ව විද්‍යාලයේ ආශ්‍රිතවය එන්නේ ඔක්සෝඩ්විද්‍යාලයේ සම්ප්‍රදායට අනුව ඩීෆීල් කියලා වශයෙන් නොයි හඳුන්වන්නේ පීඩ එක සසක්ස් විශ්වවිද්‍යාලයත් ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් පීඩ එක හඳුන්වන්නඩෆීල් ඒ අනුව ආචරණ අාලලෙන් සුලමැතිතුමාට ඩිෆීල් එකක් ලැබෙනවා. ඔබ විශ්වාස කරන්න ඒ තැබූ වාර්තාව ගණිතය විෂයෙන් ලෝකයේ කෙටිම කාලයක් තුළ පූර්ණය කරපු ආචාර්ය උපාධියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි සසෙක්ෂ විශ්වවිද්‍යාලයේ තැබුවේ ඒ වාර්තාව අද වනතෙක් කිසිම කෙනෙක් බිද දමා නැහැ. ඒ වගේම තමයි එවැනි කෙටි කාලයක් තුළ මේ ලෝකයේ තවත් පුද්ගලයෙකු පීඑඩ එකක් නිම කළේද යන්න සැක සහිතයි. ඒ විතරක් නෙමෙයි සैද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව පිළිබඳව ආසියාවේ පුද්ගලයෙකු ලබාගන්නා පළවෙනි ආචාර්පාදිය වන්නේත් එයයි. මැක්‍රලදී එතුමා නලින්ඳසිල්ල මහත්මයා ලංකාවට එනකොට මැක්‍රින් ඔහුට සුභ ප්‍රාර්ථනා කරමින් ලිපියක් ලියනවා. එහි මෙන්න මේ වචන කිහිපිය සඳහන් කරනවා your country will be prou of you. ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි කියලා. ඒ අනුව ආචාර්ය නාලිසිලව මහත්මයා ලංකාවට පැමිණෙනවා මේ මැක්‍රමගේ ගුරුවරයා කියලා කියන්නේ සුවිශිෂ පුද්ගලයෙක් එතුමා බ්‍රාන්‍යයේ විතරක් නෙමෙයි ලෝකයේම සිටෙන කීතිතුමත් විද්‍යාඥයෙකු ඒ කාලේ එතුමා දැන් ජීවතුන් අතර නැහැ. අවසනාවකට එතුමාගේ ගෝලයා වෙච්ච මේ ආචාර්ය නලින්ඳ සුල මහත්මයත් ජිවතුන් අතර නැහැ. නමුත් අපි ඉදිරියේදී බලමු අර මැක්‍රින් ඉදිරිපත් කරපු ඒ සුවිෂ ප්‍රකාශය නලින්ඳසිල්ල සම්බන්ධව your country will be proud of you. ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි කියන කාරණාවට නළිසිල්ල මහත්මයා කොහොමද සාධාරණීටු කළේ යන කාරණාව. ඒ වගේම තමයි තව සුවේෂත්වයක් තමයි ලෝකය තුළ පාරේෂණ පත්‍රිකා පලවෙනවා. නමුත් ඒ පාර්යේෂණ පත්‍රිකා පලවෙන්නේ විවිධ ජනල් වල. ඒ ජනල් වලින්හයි ඉන්ඩෙක්ස් ජනල් තමයි ඉහළම මට්ටමේජනල් වශයෙන්

Segment 7 (30:00 - 35:00)

සලකන්නේ. ඒ අනුව නලින්සුල මහත්මයාට නේච කියන හයි ඉන්ඩෙස් ජනල් එකේ අවුරුදු 30ක් වගේ ඉතාම කුඩා වයසදී පාර්ෂණ පත්‍රිකාවක් දෙකක් බල කරන්නට අවස්ථාව ලැබෙනවා. එක්කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මදන්න අතරමින් එවැනි වයසකදී එවැනි හාigයි ඉන්ඩෙක් ජනල් එකක විද්‍යාව හෝ ගණිතය සම්බන්ධව පාරවේෂණ පත්‍රිකාවක් පළ කරපු ශ්‍රීංඛිකයෙකු නැහැ කියලා. ඒ වගේම තමයි එතුමා මේ විදිහට ලංකාවට එන්නේ දිගටම එම විශ්වවිද්‍යාලය රැඳෙන්න කියන මැක්‍රියේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එතනින් ඔබට පැහැදිලි වෙනවා. එතුමා අපේ රට ගැන තිබුණු හැඟීම. ඒ වගේම තමයි ඒ ආරාධනාව මැක්‍රයට අමතරව එවකට එම විශ්වවිද්‍යාලයේ සිටපු මහාචාර්ය මාටීන් රීස් කියන විද්‍යාඥා විසනුත් ඉදිරිපත් කරනවා ආචර්ණාලනසිල්ල මහත්මයාට. හැමදුනාසිල මහත්මයා ඉතාම නිහතමානීව යෝජනාව ප්‍රතික්ෂේප කරලා ශ්‍රී ලංකාවට එනවා. ශ්‍රී ලංකාවට නැවත පැමිණ එතුමා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ඉගැන්වීම් කරනවා. ඒ වගේම තමයි නලින්ස මහත්මයාගේ විශේෂත්වය තමයි එතුමා පන්ති කාමරයට යන්නේ කිසිම නෝට් එකක් නැතුව එතුමා දේශනයක් කරන්නේ කිසිම සූදානම් වීමකින් තොරව මේක හේතුමා විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨාචාරයවරයෙකු වශයෙන් ඉන්න කාලෙදිම ආරම්භ කරපුත්තක්. ඒ වගේම තමයි එතුමා මේ ශාස්ත්‍රීව ගණිතය, භෞතික විද්‍යාව, සैද්ධාන්තික තාරකාභෞතික විද්‍යාව මේ විෂය පිළිබඳව හදාරනවා. මේ පිළිබඳව උනන්දු වෙනවා, පර්ේෂණ කරනවා. ඒ විතරක්නේම එතුමා රට වෙනුව වෙන දෙයක් කළ යුතුයි කියා යම්කිසි දේශපාලන දෘෂ්ටියක් තෝරාගන්නවා. එතුමා තෝරාගන්න දෘෂ්ටිය තමයි මාක්ස් crොටස්කී වාදය. ඔබ දන්නවා මාක්ස් සහ ඇඟල්ස් ඉදිරිපත් කරනවා මේ මාක්ස්වාදය කියන නව දර්ශනය එහි තව ොටස්කි නමැති න්‍යායධාරයෙකු එම දර්ශනය තවත් වෙනත් පැතිකඩකට වර්ධනය කරනවා. නමුත් මේ අවස්ථාව මම ඒවයේ වෙනස්කම් කියමින් කාලය අපත යවන්නේ නැහැ. නමුත් එතුමා දෘෂ්ටිවාදියෙකු වශයෙන් එහෙම නැත්නම් යම්කිසි දැක්මක් වෙනුවෙන් පෙනී සිටින්න එක වශයෙන් නාලින් සුල මහත්මයා දේශපාලනිකව මාර්ගක්ස් ට්‍රොටස්වාදී වශයෙන් නොයි ඒ කාලය වනවිට අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ. 1974දී නව සමසමාජ පක්ෂය පිහිටුවනවා. මේ 1974 වසරයේදී නව සමසමාජ පක්ෂය පිහිටුවන එතුමා එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වෙනවා. මේ අතරතුර එතුමා නැවතත් මේ සමාජ සේවය, දේශපාලනික කටයුතු කරනවා. නැවතත් නැවත නැවතත් තමන්ගේ පර්ශන කටයුතු ඉගැන්වීම් කටයුතු කරනවා. ඔය අතරතුර එතුමාගේ බිරිඳ ඒ තමරා දරාඬ කුඹුර මැතිනියට එතුමියත් විශ්වවිද්‍යාලය වලට සම්බන්ධ වෙලා විශ්ව විද්‍ද්‍යාලයට සම්බන්ධ වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නේ එතුමියට විදෙස්ගත වෙන්නට සිදු වෙනවා පශ්චාත් උපාධියකට. ඉතින් එතුමිය සමඟ විදෙස්ගත වෙන්නට ආචාර්ය නලින්සුල මහත්මයා පෙරදෙනි විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ඉල්ලා සිටිනවා. නමුත් නලින්සු මහත්මයාට ඒ නිවාඩු ලැබෙන්නේ නෑ. ඒක නිසා එතුමා පෙරෙනි විශ්වවිද්‍යාලයෙන් ඉල්ලාස් වීම ලබා දෙනවා. ඉල්ලාස් වීම ලබා දීලා බිරිඳ සමග එතුමා පිටත් වෙනවා. ඔය අතරතුර එතුමා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා එහි විශ්වවිද්‍යාලයක

Segment 8 (35:00 - 40:00)

විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යාව උගන්නවනවා. නමුත් හදිසිනතුරකට පත්වෙලා එතුමා මාස කිහිපයක් රෝහල්ගත වෙනවා. මගේ මතකය නිවැරදෙනම් එතුමාගේ උකුල් ඇටය බිඳි යනවා. මේ හේතුවෙන් එතුමියගේ එතුමාගේ ඒ භාර්යාව ආචාර්ය උපාත්තිය සඳහායි ඕස්ට්‍රේලියාවට යන්නේ මොන විශ්ව විද්‍යාලයට නමුත් තමන්ගේ ශ්‍රමයාට වෙච්ච අනතුර හින්දා එතුමිය ආචාර්ය උපාධිය කරනවා වෙනුවට විද්‍යාපති උපාධියක් කරලා එය අවසන් වෙලා ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණුනු එතුමාට පෙරදෙනි විශ්ව විද්‍යාලයේ අවස්ථාවක් නැහැ දැන් නැවත රැකියාවක් කරන්න ඒ අවස්ථාව පෙරදෙන විශ් විද්‍යාලය විසින් එතුමාට ලබා දෙන්නේ නැහැ නලනුස්ස මහත්මයාට නමුත් එතුමා කොළඹ විශ්ව විද්‍යාලයට ආචාර්යවරයෙකු වශයෙන් බැඳෙන්න ආයදුම් කරනවා. කසුව එතුමා කොළ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයට ආචාර්යවරයකු වශයෙන් එක් වෙනවා. මෙන්න මේ කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණිය එතුමා දැන් මම කලින් කිව්වා එතුමාස් ප්‍රස්කිවාදියක වශයෙන් දෘෂ්ටිවාදී මේ වශයෙන් එතුමාගේ චින්තනය වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ වගේම තමයි සද්ධාන්තික තාරකාභෞතික විද්‍යාව. මේ විෂය සහ ඒ විෂය හා බැඳි පරාස පිළිබඳව එතුමා ප්‍රාමාණික විද්වතයෙක්. එතුමා මේවා උගන්වන ගමන් එතුමා යම්කිසි ආකාරයක චින්තනික විපර්යාසකට ලක්වෙනවා. දැන් එතුමා මම කිව්වා එකාතකින්. මාක්ස් ලනින්ස් එනල්ස් ඉදිරිපත් කරපු ඒ වාදය සම්බන්ධව හදාරනවා. අනිත් පැත්තෙන් එතුමා ගණිතයේ භෞතික විද්‍යාව හදාරනවා. එතුමට මේ දර්ශන දෙක පිළිබඳව තුළ කරද්දී යම් යිය යොමු ගැටලු ඇතිවෙනවා. ඒ අනුව එතුමාස්වාදය විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ආක්ෂවාදය විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරමින් එතුමා ඒ සම්බන්ධව ලිපි ලියනවා. එතුමා නවසම සමාජ පක්ෂයට ඒ වගේ ලිපි ලියනවා. මෙන්න මේ විදියට ලිපි ලියමින් එතුමා තර්ක කරමින්, විතර්ක කරමින් තමාගේ අභ්‍යන්තර නිරෝල් භාවයකට පත්වෙමින් එතුමාත් තේරුම් ගන්නවා මාස්වාදය විද්‍යාත්මක නැහැ කියලා. මාක්ස්වාදය විද්‍යාත්මකව ප්‍රශ්න කරන එතුමාස්වාදයෙන් ගැලවෙනවා. මාක්ස්වාදයෙන් කැඩෙනවා. මේක සුවිශේෂ අවස්ථාවක් ආචාර්ය නලන්සි මහත්මයාගේ. එතනින් නවතින්නේ නැහැ. එතුමා කොළඹි විද්‍යාලයේ ගණිතය උගන්වන අතරේ එහි ශිෂ්‍යයන් සමඟ එකට එකතු වෙලා යම් වූ සංවාද කරනවා. යම් වූ ආකාරයක විද්වත් සාකච්ඡා කරනවා. මෙන්න මේ අවස්ථාවේදී එතුමාස්වාදය විද්‍යාත්මකද කියලා ප්‍රශ්නය කරපු ආචාර්ය නලෙන්ද සෙල්වා මහත්මයා විද්‍යාව විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරන්න. එහි ප්‍රතිඵලය තමයි ආචරණ මහත්මයා ජාතිකවාදී අදහස් වලට යොමු වීම. 1983 වන විට එතුමාගේ මේ අභ්‍යන්තර චිත විප්ලවයක් ඇතිවෙනවා. ඇත්තෙන්ම කිව්වොත් එතුමා නැවත මුලට යනවා. මුල කිව්වේ කුමක්ද? අර මම කිව්වනේ එතුමා කුඩා කාලයේ පන්සල ඇසුරු කරා. පන්සලේ සිංහල බෞද්ධකම එතුමට මතක් වෙනවා. එතුමා උපදින්නේ ලෙහෙසි පහසු ප්‍රදේශයක. නොවෙ එතුමා උපදින්නේ විජග්‍රහණය පරවරය වශයෙන් හඳුන්වන පානදුරේ පානදුරාවාදය. කපානදුරාවාදයෙන් තමයි ඔබ දන්නවා මේ රටේෂනාරි ආගමික ව්‍යාපාරයේ ගමන් මග වෙනත් අතකට හැර වුණේ. ගෙට්වත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ වාදීප සිංහ මොහොටිවත් ගුණානන්ද ස්වාමීන් වහන්සේ අභීත සිංහනාදයෙන් ඒ මිෂනාරිවරු පරාජය කරපු පානදුරේ උපත ලබන

Segment 9 (40:00 - 45:00)

ආචාර්ය නලින්ද සිල්වා අන්න ඒ සිංහල බෞද්ධ ජාතිකවාදී අදහස් වලට 1900 80 දශකයේ මුල වනවිට එළඹෙනවා. ඇත්තෙන්ම මේක සුවිශේෂ අවස්ථාවක්. බුදු දහමේ තියෙනවා පායාස සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. පායා රාජඤ්ඤ සූත්‍රය කියලත් මේ සූත්‍රයේ තිබෙනවා. මේ සූත්‍රය හඳුන්වනවා. ඇත්තෙන්ම පායාසී රාජ් සූත්‍රයේ සිදුවන්නේ පායාසිකන රජතුමා මගේ මතක නිවැරදි නම් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සමඟ සිදු කරන සංවාදයක්. මේ පායාස රජු සම්පූර්ණයෙන්ම භෞතිකවාදයෙක්. භෞතිකවාදියෙක්. භෞතික වාදිය වෙන පායාස රජතුමා කුමාරකසුප ඒ මහරහතන් වහන්සේ සමඟ කරන සංවාදයෙන් පසුව අංශක 180ක් අනිත් පැත්තට හැරිලා සම්යක් දෘෂ්ටියේ පිහිටනවා. භෞතිකවාදයෙන් කැඩෙනවා. පසුවම මේ පායා රජු දිව්‍ය ලෝකයේ උපදිනවා. සංයා දෘෂ්ටිකක්ක සම්යක් දෘෂ්ටික දෙවි කෙනෙකු වශයෙන් ඇත්තටම පායාස රජතුමාගේ ඒ චින්තන විප්ලවය චින්තන විපර්යාසය වගේ විපර්යාසයකුයි නින්සු මහත්මයා තුළ සිදුවන්නේ. ඒ විතරක් නෙමෙයි 1980 මුල් දශකයේදී එතුමාගේ අභ්‍යන්තරය ඇතිවෙච්ච මේ පරිවර්තනය එළි දකින්නේ 1986 මගේ ලෝකය කියන මහා තිසිසේ. මගේ ලෝකය කියලා කියන්නේ මුළු රටම දන්නා හඳුනන කෘතියක්. මගේ ලෝකීය කෘතියෙන්. එතුමා ප්‍රශ්න කරනවා දැනුම සහ දැනුමේ ආධිපත්තය ඒ විතරක් නෙමෙයි එතුමා මගේ ලෝකය කියන වෘතියෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය මත පදනම් වෙමින් නව දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ හඳුන්වන්නේ නිර්මාණත්මක සාපේක්ෂතාවාදය නමින්. අපි නිර්මාණත්මක සාපේක්ෂතාවාදය ගැනත් කෙටියඑන් හෝ මේ වීඩියෝ පටේ සාකච්ඡා කරනවා ඉදිරියේදී. මේ ආචාර්ය නලින්ඳසි මහත්මයා මා කිව්වා බටහිර විද්‍යාවෙහි කෙලපැමෙනි කෙනෙකු කියා. එතුමා ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන්ගේ සංගමේඉටරනැationනal ඇස්ටනමි un යුන් එහි සාමාජිකත්වය ලැබූ එකම ශ්‍රීංඛිකයා අදටත් ඒ වාර්තාව කවුරුත් කඩා නැහැ. ඒ වගේම එතුමා රාජකීය තාරකා විද්‍යා සංගමයේ අධි සාමාජිකත්වයත් ලබා තිබෙනවා. ඉතින් බටහිර විද්‍යාවෙහි කෙළපැමිණි එතුමා ජාතික චින්තන මතවාදය ව්‍යප්ත කරමින් පොත්පත් ලිපිලේකන ලියන එකෙන් නතර වෙන්නේ නැතුව එතුමා රටපුරා දේශනමාලා තියෙනවා වාද විවාද කරනවා. මේ අනුව එතුමා ක්‍රමිකව අර මා කලින් කිව් පරිදි නිර්මාණත්මක සාපේක්ෂතාවාදය කියන නවදර්ශනයත් එක්ක ජාතික චින්තනයෙන් තමන්ගේ විශ්වවිද්‍යාලයේ විද්‍යාතයෙන් දැනුම් කරනවා. රට දැනුම් කරනවා. මේ පිළිබඳව වාද විවාද කරනවා. හැබැයි එතුමාගේ මේ ජාතික චින්තන මතවාදයට විරෝධයක් ඇතිවෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තන මතවාදයට විරුද්ධාචාර්යවරුන්ගෙන්. මොකද නලින්සිල්ල මහත්මයා සෘජුවම අභියෝග කරන්නේ බටහිර දැනුමට සහ බටහිර දැනුමේ ආධිපත්තයට අභියෝග කරන එකෙන් ලොකු අරබුදයක් ඇතිවන බව එතුමාට විරුද්ධව වැඩ කරන අය කල්පනා කරනවා. ඒ අනුව එතුමා

Segment 10 (45:00 - 50:00)

1979දී අංශ ප්‍රධානත්වය දරපු ඒ ගණිතයේ අධ්‍යනාංශය කොළඹ විශ්ව විද්‍ාලයේ ගණිතය අධ්‍යනාංශයෙන් අංශාධිපතිකමින් නොදන්නවා ඉවත් කරනවා. අ 90 වෙන්නට පෙර මගේ මතකය නිවැරදනං එතුමා අවස්ථා කිහිපකදී අංශ ප්‍රධාන ධූරිය ධාරා තිබෙනවා. එක් අවස්ථාවකදී එතුමා හේතු නොදක්වාම ඉවත් කරනවා. ඒ විතරක් නෙමෙයි. තවදුරටත් මේ කියන ජාතික චින්තනය සම්බන්ධ මතවාද වලදී එතුමාට විරුද්ධ බලවේග කුමන්ත්‍රනීව එතුමා රැකියාවෙන් ඉවත් කරන තැනට පත් කරනවා ඒ අනුව 1992 එතුමා වැඩහනමකට ලක් වෙනවා. මෙතනදි බොහෝ අය ඔය වැරදි මතයක් තියෙනවා. මේ මෙතුමා තමන්ගේ විෂය හරියට ඉගැන්නුවේ නැහැ කියලා. නැ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එතුමාගෙන් ඉගෙනගත්ත විහාර්ථ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්නවා. ඒ වගේම එතුමා ගණිතය උගන්වන විද්‍යාපීටී ඉගැන්නුවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි එතුමා ශාස්‍රීටයේ පවා ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගණිතය සම්බන්ධ පදනම් පාඨමාලාවට පවා සම්බන්ධ වෙලා තියෙනවා එතුමා. එතුමා ඇත්තෙන්ම කිව්වොත් තමන්ගේ විෂය හරියට උගන්වනවා. හැබැයි එතුමා ඒ විෂය ඉගැන්වීමෙන් නොනැවතී ඒ විෂයට අදාළ බටහිර දැනුමේ ආධිප කරනවා. ප්‍රශ්න කරන්නට ළමයි පොළබනවා. මෙන්න මේ තත්ත්වය තමයි ඒ විශ්වවිද්‍යාලයට දරාගන්න බැරි වුණේ. එවකට හිටපු උපකෘල පතිවරයා ජිල්පීරිස් මැතිතුමා එතුමා ගෙන්වලා අහලා තියෙනවා ඔබතුමා විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්නවනවා නේද කියලා. මහාචාර්ය ජියඑල් පිරිස් එවකට කොළඹ විශ්ව විද්‍යාලය උපකුල පතිවරයා අහන ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ආචාර්ය නලින් සිල්වා මෙන්න මෙහෙම කියනවා. ඔව් මම ජාතික චින්තනය උගන්නවනවා. ඒක ඇත්ත. මේ විශ්වවිද්‍යාලයේ විජාතික චින්තනය උගන්වන්න හොඳ නම් ඇයි මට ජාතික චින්තනය උගන්වන්නවන්න බැරි කියලා. කෙසේ නමුත් එතුමා වැඩ තහනමකට දක්වෙනවා. ඒ වගේම තමයි ඔය කාලය වන විට එතුමා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඊට පෙර එතුමා ලේකම්වරය වශයෙන් කටයුතු කොට තිබෙනවා එම සංගමේ විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ වැටුප වැඩිවීමට අදාළ අරග ලේඛාත් නිරෘත වෙලා ඉන්නවා. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ රැස්වීම එවකට තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සන්තාගාරී හැබැයි නලින්ුල මහත්මියාව වැඩහනමකට ලක් වූ පසුව එතුට විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කරනවා. හැබැයි එතුමා තමන්ගේ මේ වෘතිමය වගකීම අතහරින්නේ නැහැ. ඒමා කුමාරබුන්දා මාවතයේ මාර ගහක් යට රැස්වීම් තියෙනවා. ඇත්තටම ඒ විශ් විද්‍යාලලාචාර්යවරුන්ගේ වැටුප වැඩිවීම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අද දවසේ විශ්වද්‍යාලලාචාර්යවරුන්ට ලැබෙන වැටුප වැඩිවීමට අදාළ මූලික ව්‍යුහය සකස් කරන්නේ එයට පදනම දමන්නේ ආචාර්ය නාලිඳ සිල්වා මහත්මයා. මා දන්නේ නැ කාරණාව වර්තමාන විශ්විද්‍යාලයවරු බොහෝ දෙනෙක් දන්නවද කියන කාරණාව වැඩ තහනමකට ලක්වෙන එතුමා ම කලින් කිව්වා ඔහු ලෝකයේ පිළිගත්ත උගතේ විද්වතයෙක් එතුමට අවශ්‍ය නම් ඉතාම පහසුවෙන් ලංකාව හැරදා ලෝකයේ ඕනෑම රටකට යන්න ඕනෑම රටක විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උගන්නවන්න අවස්ථාව තියෙනවා. හැබැයි එතුමා එහෙම කරන්නේ නැහ. එතුමා විශ්වවිද්‍යාලයවරියක වන තමන්ගේ බිරිඳගේ වැටුපෙන් යැපෙමින් රටට සේවයක් කරන්න තීරණය කරනවා. හැබැයි එතුමා තමන්ට වෙච්ච අසාධාරණය ගැන නිහඬව ඉන්නේ නැහැ. එතුමායි සම්බන්ධව නඩු කටයුත්තකට යොමු වෙනවා. ඔබ විශ්වාස කරන්න ඒ නඩුවේ තීරණය ලැබෙන්නේ

Segment 11 (50:00 - 55:00)

2001 වසරදී එතුමාට එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙදී එක් චෝදනාවකට පමණක් එතුමාට යම්කිසි ආකාරයක වැරදිකරුවයු බවට පත් වෙනවා. ඒ කියන්නේ මට ගේ මතකය නිවැරදි නම් මෙතුමා එවකට හිටපු ඒ අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධව වැරදි ප්‍රකාශයක් කරාය කියන චෝදනාව ඒ සම්බන්ධව එතුමාට අධිකරණය ලබා දෙන්නේ සෘණාත්මක ප්‍රතිචාරයක්. නමුත් අධිකරණය නියෝග කරනවා එතුමාට වන්දිගෙවන්න කියලා. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයට සිදුවෙනවා එතුමාට වන්තිගෙවන්න. ඔය අතර එතුමට නැවත විශ්වවිද්‍යාලයකට බැඳෙන්න අවශ්‍යතාව ඇති වෙනවා. මොකද තමන් කරගෙන ආපු ජාතික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට. ඒ අනුව එතුමා කැලණී විශ්වවිද්‍යාලයටත් ශ්‍රී ජාවර්ධනපු විශ්ව විද්‍යාලයටත් ආයදුම් පත්‍ර යොමු කරනවා නැවත විශ්ව විද්‍යාල ආචාර්යවරය වන් සේවයට බැඳෙන්න. ඒ අනුව එතුමට ශ්‍රී ජයවර්තන පුරුශ් විද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ විනේත්ෘචාර්ය එහෙම නැත්නම් චා ප්‍රොෆෙසර්ශිප් එක ලැබෙනවා. ඊට අමතරව එතුමට කැලනිය විශ්වවිද්‍යාලයේත් මහාචාර්ය ධූරයක් ලැබෙනවා. නමුත් මේ දෙකම ලැබුණත් මුලින්ම පත්වීම එන්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ පත්වීම එය එතුමාට මුලින්ම එන්නේ. ඒ නිසා එතුමා ශ්‍රී ජවර්ධන ප්‍රශ් විද්‍යාලයට ඇතුල් වෙනවා වෙනුවට සම්බන්ධ වෙනවා වෙනුවට ඉගැනීවීම් කටයුතු සඳහා තෝරගන්නේ කැලනිය සරසවිය කැලනිය සරසවියට ඒ ඇතුලත් වීමේදී එතුමට අවශ්‍ය වෙනවාරකමන්ඩේation ලෙටර් එකක් දෙන්න ඒරෙකමඩේation ලෙටර එක රෙකමධාරු ලිපිය ලියන්නේ න්නේ ලෝකයේ සිටින ප්‍රකට විද්‍යාඥය කුවන රොබට් ස්මිත්්රොබට් ස්මිත් එතුමා සසෙක්හිටපු පිටාධිපතිවරයෙක්. එතුමා මෙන්න මේ වගේ කාරණාවකේ ලිපියෙහි ලියනවා. I still remember your time as a defill student here and the completion of your thesis on two separate topics in the record time of some 20 monons both parts of the thesis contain some quite fundamental results. ඒක ඉතාම වැදගත් ප්‍රකාශයක් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ගැන ඒ කාලය තුළ තමයි එතුමා එතුමාට විවේචන එල්ල කරන්නට බොහෝ දෙනෙක් යොමු වෙන මේ නාථ දෙවියන්ගෙන් ලැබුණු මග පෙන්වීම අනුව රජඩට කෘෂි කර්මාන්තවල ආසනෙක් තිබෙනවාය ඒ කෘෂික කර්මාන්ප ගේදී ඒ පළිබෝධ නාශක වලින් එකතු වන ආසනික හේතුවෙන් රච රට වකුගඩු රෝගයට ඒ ආසනික හේතු වෙනවාය කියන සොයා ගැනීමට අදාළ පර්ේෂණ කටයුතු වලදී ඒ සඳහා එයතුමා යොමු වෙන්නේ මේ කියන කැලණනි සරසවියේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන කාලයේදී අපි ඉදිරෙදිය ගැන කතා කරමු ඒ දුර්ථය එතුමා සම්බන්ධව ගොඩනැගෙන්නේ කොහොමද සහ ඇත්තට මෙතනදි වුණේ කුම කුමක් යන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි එතුමා විද්‍යා පීටයේ පීඨාධිපතිවරයා වශයෙන් පත්වෙනවා. එම විශ්වවිද්‍යාලයේදී. නමුත් ඔබ දන්නවා ශුද්ධලාචාර්යවරයෙකුට වයස අවුරුදු 65ේදී විශ්‍රමයයි. නමුත් අර මම කියපු ඒ ආසනික සම්බන්ධ පාරේෂණ කටයුතු ඉවර නොවන නිසා අවුරුදු 65 වෙන්න ඔන්න මෙන්න තියෙද්දී කැබිනට් මණ්ඩලයේ එතුමට අවුරුදු තුනක සේවා දිගුවක් ලබා දෙනවා. ලංඛා ඓතිහාසයේ විශුද්ධාලර්යවරයෙකුට කැබිනට් මණ්ඩලයකින් සේවා දිගුවක් ලබාදුන් පළවෙනි අවස්ථාව එයි හැබැයි ආචරණ අනිසල මහත්මයා ඒ සේවා දිගුව ලබා දීලා අවුරුද්දක් යනකොට ඒ ආසනික සම්බන්ධව ඒ විද්‍යාත්මක පාර්ේෂණ ටික අවසන් වෙනවා. ඒ පාර්ේශන අවසන් වුනාටන් පස්සේතුමා විශ්‍රාම යනවා. රැකියාවෙන් ඉල්ලාස් වෙනවා. ඉන් අනතුරුව එතුමා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය කොමිෂන් සභාවේ ුජීස එකේ

Segment 12 (55:00 - 60:00)

සාමාජිකු වශයෙන් කටයුතු කරනවා. ඒ කාලේදීත් මට මතකයි විශේෂයෙන්ම එතුමා යාපනය විශ්වවිද්‍යාලයේ මේ සිද සහ යුනානි පාඨමාලා හඳුන්වා දෙන්නට සුවේෂ උත්සාහයක් ගත් කෙනෙක්. ඉතින් මා මේ පොදුවේ කතා කළේ ආචාර්ය නලින්ද සිල්වා කියන චරිතය ඒ චරිතයේ තියෙන ශාස්ත්‍රීය සහ ඒ චරිතයේ තියෙන ඥානමය වටිනාකම ගැන මේ භව විශේෂයෙන්ම එතුමාගේ උපත් සමරුවේදී ඔබ සමඟ බෙදාගත්තේ මේ කරුණු බොහෝ දෙනෙක් නොදන්නා සා මීළඟට මම කැමතියි මෙම වීඩියෝ පටයේ දෙවෙනි කොටස වශයෙන් කුමක්ම මේ එතුමා විසින් ඉදිරිපත් කරපු නව දර්ශනය යන්න ගැන යමක් සඳහන් කරන්න. මා කලින් කිව්වා එතුමා ඉදිරිපත් කළේ මගේ ලෝකයෙන් නිර්මාණත්මක සාපේක්ෂතාවාදය මේ සාපේක්ෂතාවාදය කියා කියන්නේ කුමක්ද සාපේක්ෂතාවාදය කියා කියන්නේ සරලව ගත්තොත් යම්කිසි දෙයක් නිශ්ය කොට එම නිශ්ය කරපු දේට තවත් දෙයක් සංසන්දනය කිරීම. ඇත්තටම මේ සාපේක්ෂතාවාදය කියන චින්තනය දර්ශනය පෙරදිට ලැබෙන්නේ බටහිරි. ඔබ දන්නවා අපි අර කලින් කතා කරපු සාධාරණ සාපේක්ෂතාවාදය ඒ හඳුන්වා දෙන්නෙත් ඇල්බරට් අයින්ස්ටයින් බුදු දහමේ කොතනකවත් මේ සාපේක්ෂතාවාදයක් ගැන සඳහන් වන්නේ නැහැ. මුල් බුදුයේ කිසිදු සූත්‍ර දේශනාවක අඩුම තරමෙන් සාපේක්ෂ කියන සංස්කෘත වචනයට අදාළ පාලිවචනය විය යුතු මේ සාප එක්ක කියන වචනය අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ. මා විශ්වාස කරන පරිදිමේ සාපේක්ෂ කියන සංස්කෘත වචනයේ පාලි ස්වරූපය තමයි සාප එක්ක එය වැරදිම් කරුණා කරලා නිවැරදි කරනමෙන් මා විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. බුදු දහමේ කොතනකවක්වත් සාපේක්ෂභාවයක් සාපේක්ෂවාදයක් කියවෙන්නේ නැහැ. බටහිර තමයි මේ සාපේක්ෂතාවාදය ගැන කියවෙන්නේ. එතකොට මම කිව්වා එතුමා මේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ දැනුම කියන කාරණාවත් එක්ක මා දෙයක් කියන්නම්. ලෝකයේ යම්තාක් සාපේක්ෂතාව තිබේද ඒ තාක් සාපේක්ෂතාව අතුරෙන් විශිෂ්ඨතම අගිම සාපේක්ෂතාවාදය නලින්ඳ සිල්ව මහත්මයා ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදය. මම එහෙම කියන්නේ. සාපේක්ෂතාවාදය කියන සංකල්පය බටහිරින් අපිට ආපු දෙයක් වුණත් එතුමා ඉදිරිපත් කරන සාපේක්ෂතාවාදය බිහි කරන්නේ බුදු දහමේ පටිච්ච සමුප්පාදය ඇසුරෙන්. ඒ අනුව එතුමා මගේ ලෝකය පොතේ හඳුන්වන්නේ සාපේක්ෂතාවයට නිර්මාණාත්මක සාපේක්ෂතාවය පසුව නිර්මාණාත්මක සාපේක්ෂතාවය මේ නිර්මාණාත්මක කියන වචනය පිළිබඳව එතුමා විසින්ම කල්පනා කරලා අපි දන්නවා මේ දේව නිර්මාණවාදය කියන අදහසක් තිබෙනවනේ. දෙවියන් ලෝකයේ මැවූ ඒ යන අදහස ඒ වචනයට තිබෙන අර්ථය තවත් අර්ථ සම්පන්න වුණා නම් හොඳයි කියලා එතුමා ඒකට යෝජනා කරනවා සංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියලා. අවසාන කාලයේ දිය එතුමා ඒ හඳුන්වන්නේ අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියලා. ඇත්තෙන්ම මම සතුටු වෙනවා එතුමට ඒ අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියන වචනය මම යෝජනා කරපු වචනයක් අභිසංඛරෝති කියන පාලි වචනයෙන් එතුමයි ඉතාම කැමැත්තෙන් මම කරපු යෝජනාව පිළිගත්තා ඇත්තෙන්ම අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවවාදයෙන් නමිනුයි ආචාර්ය නාලින්ව මහත්මයා තමන් ඉදිරිපත් කරපු සාපේක්ෂාවාදය අවසාන කාලයේදී හැඳින්වේ. දැන් මේ සාපේක්ෂතාවය ගැන යම්කිසි දෙයක් ඔබ සමඟ බෙදාගන්න මම කැමතියි.

Segment 13 (60:00 - 65:00)

දැනුම. දැනුම කියන්නේ කුමක්ද? පංච ඉන්ද්‍රිය සහ මනීන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හයක් ගැන අපි දන්නවා. ඇයි මම මේක විශේෂකොට දෙකට බෙදුවේ? ඒ තමයි බටහිර විද්‍යාව හෝ බටහිර දැනුම. තවමත් මනීන්ද්‍රියක් එහෙම නැත්නම් මනසක් කියන දේ පිළිබඳව විශ්වාස කරන්නේ නෑ. නමුත් බුදු දහම පැහැදිලිවම ඉන්ද්‍රිය හයකින් ලබාගන්නා වූ දැනුම ගැන කතා කරනවා. එතකොට මේ ඉන්ද්‍රිය ඔස්සේ ලබාගන්නා දැනුම පිළිබඳව නසුල මහත්මයා ඉදිරිපත් කරන සාපේක්ෂතාවාදය. එහෙම නැත්නම් එතුමා කියනවා මේවට ප්‍රවාද කියලා ප්‍රවාදය කියලා කියන්නේ කතන්දර ගොඩනැගෙන්නේ බුදු දහමේ මූලික න්‍යාය වන පටිච්ච සමුප්පාදය ඇසුරෙන්නේ. පටිච්ච සමුප්පාදය ඇසුරෙන් තමයි අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය බිහිවන්නේ. අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියවෙන දාර්ශනික කාරණා ගොඩක් තිබෙනවා. නමුත් මම කැමතියි එතුමා ඉදිරිපත් කරපු ඒ අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයට එන අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවවාදයේ එන කරුණු ප්‍රධාන වශයෙන් තුනක් විග්‍රහ කරන්න. ඇත්තෙන් මම කැමතියේය. නාලින්ද සිල්වාගේ නියම ලෙස හඳුන්වන්න. ඒක කවුරුත් හඳුන්වා නැහැ. නමුත් මා එතුමාගේ ව්‍යෝවෙන් පසුව විදුසරපුවත් පතට ලිපියක් සම්පාදනය කළා. එහෙහිදී මම ඒතුමයි ඉදිරිපත් කරපු මේ න්‍යාය තුන ගැන සඳහන් කළා. ඇත්තෙන්ම එතුමා මේ එක දෙක තුන කියලා න්‍යායන් නියමයන් ඉදිරිපත් කරලා නැහැ. නමුත් ඔබේ පහසුව තක මම නින් සිල්වා මහත්මාගේ නියම ලෙස ඒවා හඳුන්වනවා. එදී නින්සු මහත්මයාගේ පළමුවන නියමය අභිසංස්කරනාත්මක සාපේක්ෂතාවවාදයට අදාළ නොදැනුම නිසා දැනුම අභිසංස්කරණය කරයි. කුමක්ද මේ? පටිච්ච සමුප්පාදයේ පළමු පාදය තමයි අවිජ්ජා පච්චා සංඛාරා. අවිද්‍යාව නිසා තමයි අපි සංස්කාර උපදවන්නේ. හේතුඵල දහමන. එතුමා ඒ ඇසුරෙන් ගොඩනගනවා කුමක්ද? නොදැනුම නිසා දැනුම අභිසංස්කරණය කරනවය කියන කාරණාව. ඒ වගේම තමයි නලින් සිල්වාගේ දෙවැනි නියමය වශයෙන් මම විග්‍රහ කරන්න කැමතියි. එතුම ඉදිරිපත් කරපු ප්‍රවාදය. ඒ තමයි දැනුම සාපේක්ෂ වේ. දැනුම කුමකට සාපේක්ෂ වේද? දැනුම ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂ වේ. දැනුම සංස්කෘතියට සාපේක්ෂ වේ. දැනුම එකොට සාපේක්ෂ වේ. දැනුම මනසට සාපේක්ෂ වේයි. කොටම කිව්වොත් මනස පවා මනසට සාපේක්ෂ වේ. සරලව ගත්තොතින් මම දීර්ඝ කිව්වත් දෙවෙනි නියමය වශයෙන් නලින්ඳ සිල්ව ඉදිරිපත් කරපු මම හඳුන්වන්න කැමතියි දැනුම සාපේක්ෂි. තුන්වෙනි නියමය තමයි එතුමා ඉදිරිපත් කරපු දැනුම වාස්තවික යථාර්ථයකින් තොරය කියන කාරණාව කුමක් මේ සරලව ගත්තොතින් වාස්තවික යථාර්ථය එහෙම නැත්නම් මනසින් තොර යථාර්ථය කියා දෙයක් නැහැ. ලෝකය තුළ තිබෙනවාජෙක්ටිව්රියලිටි කියලා සංකල්පයක්. ඒ කියන්නේ මගෙන් තොරව පැවතිය හැකි දෙයක්. නමුත් ආචර්ය නලින්ද සිල්වා මහත්මා එය ප්‍රතික්ෂේප කරා. විශේෂයෙන් මේ සඳහා එතුමාට මේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ බලපෑවා. කටුකුරුන්දි ඥානද ස්වාමීන් වහන්සේ සමීපව ඇසුරු කරපු අය උන්වහන්සේ විමුක්තිය සාධනය කොට ඒ බ්‍රහ්මචරියාව පූරණය කොට වූ බව සලකනවා. ඉතින් එතුමා දැනුම වාස්තවික නැහැ කියන කාරණාව ඉදිරිපත් කරා. ඒ වගේම තමයි එතුමා මේ කියන නියම සමග තවත් බරපතල බැම්මක් පුපුරවා හැරියා. ඒ තමයි

Segment 14 (65:00 - 70:00)

බටහිර දැනුමේ ආධිප. එතුමා මෙන්න මේ වගේ කාරණාවක් කිව්වා. අපි ලංකාවේ පාසල් වල ඉගෙන ගන්නවා උගන්නනවා නියුටන්ගේ නියම අයින්ස්ටයින්ගේ නියම හැබැයි එංගලන්තේ හෝ ඇමෙරිකාවේ හෝ කොරියාවේ හෝ උගන්නවනද ලංකාවේ දයාවතිගේ නියමය නෑ. ලංකාවේ ගුණපාල මහත්තයාගේ නියමය උගන්නනවද? නෑ. මේ උදාහරණ ගත්තේ. මේ අදහස් කළේ කුමක්ද? අපි බටහිර දැනුමේ ආධිපත්තයට යටත්ව සිටින බව. ඉතින් ඒ නිසා ආචාර්ය නලෙන් මහත්මයා කියලා කියන්නේ මහා දාර්ශනිකයෙක්. ඒ නිසාම තමයි එතුමා ජාතියේ මහා ප්‍රාඥාවෙන් සලකන්නේ. ඒ කියන්නේ ලංකාවෙන් ලෝකයට නවදර්ශනයක් දීපු එකම පුද්ගලයා එතුමා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්නට ඕන එතුමට එල්ල වෙන චෝදනා එහෙම නැත්නම් දුර්ත විධාරණය කිරීමත් මේ වීඩියෝ පටයේ අරමුණක්. එතුමට විරුද්ධව චෝදනා කරන බොහෝ අය ඉදිරිපත් කරන කාරණාවක් තමයි මේ නාථ දෙවියන් පිළිබඳව කාරණාව. නාථ දෙවියන් කියා කියන්නේ කවුද? මතුබුදුුවන මෛත්‍රී බෝධිසත්වයෝ පිළිබඳව අපේ බුදුය දැක්වා ඒ මෛත්‍රී බෝධිසත්වයන් නාත දෙවියන් නමින් අපට ආශිර්වාද කරන බවක් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙනවා. දෙවියන් සමඟ සන්නිවේදනය කිරීම කියන කාරණාව බටහිරට අලුත් දෙයක් වුනාට බටහිර ප්‍රතික්ෂේප කරන දෙයක් වුනාට එහෙම නැත්නම් බටහිරට තේරුම් ගතන නොහැක දෙයක් වුනාට අපිට ඒක අලුත් දෙයක් අමුතු දෙයක් නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඉන්න කෙනෙකුට ඒක සාමාන්‍ය දෙයක්. අපේ බණ කතා සාහි වුනත් අපේ ගැමි සාහිත්‍යයෙන් වුනත්, ජනශෘතියෙන් වුනත් මේ දෙවියත් එක්ක කතා කරන එක දෙවියත් එක්ක ගණන්දුනු කරන එක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ නාථ දෙවියන්ගේ කතාව එන්නේ වකුගඩු රෝගයට හේතු හොයාගෙන යන මොහොතක ආචාර්ය නලින්ඳසිල්ව මහත්මයාට දැනගන්නට ලැබෙනවා ආධ්‍යාත්මිකව දෙවියන් සමඟ ගණුදයු කළ හැකි සිත තියුණු කරපු කාන්තාවක් සිටිනවා කියන කාරණාව. ඒ අනුව ඒ වකුගඩු රෝගය පිළිබඳ පරිශ කරපු කණ්ඩායමක් එතුමා යොමු කරනවා අර කාන්තාව ලඟ. ඒ කාන්තාව ආධ්‍යාත්මික ක්‍රමයකින් ආසනික් කියන කාරණාව හෙළි කරනවා වකු ගඩු රෝගයට හේතුවක් වශයෙන්. බොහෝ අය හිතන්නේ මේක මේ කෙනෙක් කිව්වා කිව්ව ඵලියට පිළිගත්තා කියලා නෑ. ආචාර්ය නලින්සුල මහත්මයා පීඨාධිපති විදිහට බටහිර විද්‍යාත්මක පර්යේෂණයක් කරනවා. සැලසුම් කරලා අන්න ඒ පර්යේෂණය මගින් අනාවරණය කරනවා වකුගඩු රෝගයට ප්‍රධාන ප්‍රබල හේතුවක් වශයෙන් ආසනය. එතකොට මේකේ මූලය කුමක්වත් මෙය සනාත කිරීම බටහිර විද්‍යාව ඇසුරෙන් කරපු කාරණාවක්. මේ බව නොදැන එතුමන්ට චෝදනා කරනවා. ඇත්තටම ඒ කාලේ මට මතකයි වචනයක් ආවා මේ නාත ලොජි කියලා. නාත ලොජි කියන වචනය අපහාසයෙන් උපාසයෙන් ඒ කාලේ භාවිත කළත් නතලෝජි කියන වචනයෙන් ගැඹුරු අර්ථයක් අපිට උද්දීපනය කරගන්න පුළුවන්. ඒ තමයි දෙවියන්ගෙන් දැනුම ලබාගනිමින් එම දැනුම කොයි ආකාරයෙන්ද සමාජ අහපතට යොදාගන්නේ කියන කාරණාව. මිනිසාගේ යහපතට යොදාගන්නේ කියන කාරණාව. දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳව සහ මෙන්ම දෙවියන් සමඟ ගනුනු කිරීමේදී පිළිපැදිය යුතු ආධ්‍යාත්මික කාරණා කුමක්ද ඒ විදිහට ආධ්‍යාත්මිකව යම්කිසි සීලයක පිහිටලා ආධ්‍යාත්මික ශික්ෂණයක පිහිටලා දෙවියන් ළඟට ගිහිල්ලා ඒ දෙවියන් සමඟ සන්නිවේදනය කරද්දී සිතුවිලි වෙනස් වෙන ආකාරය කවරාකාරය වෙන්නද මෙන්න මේ පිළිබඳවත් අවශ්‍ය නම් අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන්. නමුත් මට අවශ්‍ය මේ දුර්ත විධාරණය කරන්න. ආචාර්ය

Segment 15 (70:00 - 75:00)

නලින්සුල මහත්මයා නාත දෙවියන්ගෙන් ලැබුණු ඒ පණි උඩය බටහිර විද්‍යාත්මක ක්‍රමයට තහවුරු කළා. ඒ පිළිබඳව බටහිර විද්‍යාත්මක පර්ේෂණ පත්‍රිකා මඟින් ඒ අදාල පර්ේෂණ කණ්ඩායම තහවුරු කරමින් බල කරා. ඒ පිළිබඳව දීර්ඝව කතා කරන්නට මේ අවස්ථාව නොව. ඒ වගේම තමයි එතුමා ට එල්ලවන තවත් ප්‍රබල චෝදනාවක් තමයි බටහිර විද්‍යාව පට්ඨපල්බරු කිව්වා කියන කාරණාව. ඔව් එතුමා බටහිර විද්‍යාව පට්ඨපල්බොරු කියලා කිව්වා. ඒක හරි. නමුත් එතුමා බටහිර විද්‍යාව පට්ඨ බොරු කියලා කිව්වේ සුවිශේෂ පදනමක පිහිටා. එතුමා කිව්වා මෙන්න මේ වගේ කාරණාවක්. සියල්ල බොරු. සියලු දැනුම බොරු. එයින් පංචේන්ද්‍රියට ගෝචර වන දැනුම බොරු. ඒ දැනුම සංයුක්තයි. සංයුක්ත දැනුම බොරු. සංයුක්ත දැනුම බොරු නම් පංචේන්ද්‍රියට ගෝචර නොවන දැනුම. ඒ කියන්නේ වික්ත දැනුම. ඒවා පට්ඨ බොරු. මෙන්න මේ දාර්ශනික අදහසෙන් තමයි නළිඳ සුල මහත්මයා මේ කතාව කිව්වේ. ඇත්තටම එතුමා මගේ ලෝකෙන් පසුව තවත් පොතක් ලියන්නට බලාපොරොත්තු වුණා බොරු සහ පට්ඨ බොරු කියලා. නමුත් වාසනාවට ඒ පොත ලියවෙන්නේ නැහැ. අද එතුමා අපෙන් වියෝවෝන් නිසා. ඇත්තෙන්ම කිව්වොත් අපේ රට ධාර්ශනික ධරුද්‍රතාවකින් පෙළෙනවා. අපේ රටේ දාර්ශනික සාක්ෂතාව තියෙන්නේ ඉතාමත්ම අඩුමට්ටමක. ඉතින් ආචාර්ය නලින්ඳසි සෙල්වා මහත්මයා කියපු මේ සංකල්ප වටහාගන්න බැරිවීමේ ප්‍රශ්නයෙකුයි අපේ රටේ බොහෝ දෙනෙකුට තියෙන්නේ. ඒ වගේම තමයි එතුමා ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාවෙන් විද්‍යාඥයෝ බිහිවෙන්නේ නෑ කියලා. මෙන්න මේ කාරණාවත් බොහෝ අයට වටහාගන්න බැරිවෙලා තියෙනවා. එතුමා පැහැදිලිවම මේ කාරණාවත් ඉදිරිපත් කරේ අර බටහිර දැනුමේ ආධිපත්ත සහ ඒ බටහිර ආධිපත්තියත් සමඟ. එතුමා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි අපේ රටේ ඕනෑ තරම් ගණිතය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසා විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිකරණ අය ඉන්නවා. ඔවුන් ලෝකයේ තිබෙන ඉහළම විශ්ව විද්‍යාලය වලින් ආචාර්ය උපාධි හදාරනවා. ඔව් ඔක්ස්වfඩ්, කේම්රිජ් හාවරඩ්, ජොන්පකින්ස් මේ වගේ විශ්ව විද්‍යාලයල ආචාර්ය උපාධි හදාරන සහ හදාරපු විශිෂ්ට බුද්ධිමතුන් ඉන්නවා ලංකාවේ. හැබැයි එතුමා මෙන්න මේ කාරණාව කිව්වා. ඒ තමයි අපේ රටේ අය ගිහිල්ලා හදාරන ආචාර්ය උපාධි වලින් විසදන්නේ පරිදි තියෙන ප්‍රශ්න කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්න නෙමෙයි. තවදුරටත් එතුමා කිව්වේ කෙනෙක් විද්‍යාඥයෙක් වෙනවා නම් එහි අදහස තමයි නව දැනුමක් නිර්මාණය. එහෙම නැත්නම් අර්ය එතුමගේ අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවවාදයේ වචනය අනුව නව දැනුමක් අභිසංස්කරණය ඇත්තටම ලංකාවට අදවන තෙක් ලෝකයට විද්‍යාව විෂයට අර අපි ඉංග්‍රීසියෙන් කියනවාප breකිනරීසර්ch් එකක්. එහෙම නැත්නම් නලින්සුල මහත්මයා කියපු පරිදි මේ පර්යේෂණය පරිධිය නෙමෙයි පර්ේෂණයේ කේන්ද්‍රයේ පර්ේෂණයක් කරමින් ගැටළුවක් විසදන්න සමථයෙක් බිහිවෙලා නෑ. අන්න ඒ නිසා තමයි එතුමා කිව්වේ ශ්‍රීංඛිකයෙකුට කවදාවක්වත් නොබෙල් තෑගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව අද වනත තතෙක් ඒ ආකාරයෙන්ම සත්‍ය වෙච්ච කාරණාවක්. එතුමා ඒකට හේතුවක් කිව්වා. ඒ තමයි අපිට වික්තව හිතන්න බෑහ. ඇයි වික්තව හිතන්න බැරි? අපේ චින්තනය සකස් වෙලා තියෙන්නේ පැහැදිලිවම වික්තව හිතන්න නෙමෙයි. මේක තමයි සිංහල බෝත් සංස්කෘතියේ විශේෂත්වය. හැබැයි මම තව කාරණාවක් ඔබට කියන්නම්. කවුරුහරි පරේෂකයෙක්ක ඉන්නවා නම් මේ වගේ පාද්‍රයකින් එහෙම නැත්නම් අර පරිදි තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්නයක් විසදන්න ආචාර්ය උපාධියකින් හරි ඒ වගේ ඉහළ පර්වේෂණයකින් ඔහුට මම යම්කිසි ආකාරයක උත්තේජනයක් ලබා දෙන්නා. ඒ තමයි ඔබ එවැනි දෙයක් කරනවා නම් කරුණා කොට

Segment 16 (75:00 - 80:00)

අධ්‍යාපනික මාර්ගයක් නොව්‍යාපනික මාර්ගයක් තෝරගන්න. ධ්‍යාපණික මාර්ගයක් කියලා කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් වෙලා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තියත් උපයෝගී කරගෙන ඔබේ ආචාර්ය උපාධිය හෝ ඒ වගේ පර්ශනයක් කරන්න. අන්න එහෙම කළොත් ලෝකයට දැනෙන හැමක් දෙන්න පුළුවන් වේවි. මෙන්න මේ කාරණාවලින් ආචාර්ය නාලිඳසි සසුලු මහත්මයා ජාතියේ මහා ප්‍රාඥා වශයෙන් හඳුන්වන්නේ ඇයිද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම තමයි එතුමාගේ මේ ජාතික මෙහෙවර, දාර්ශනික මෙහෙවර විද්‍යාව ගණිතය කියන විෂයන්ට කොටු වෙන්නේ නෑ. එතුමා ප්‍රවාද නිර්මාණය කරපු කෙනෙක්. එතුමා කතන්ද නිර්මාණ කරපු කෙනෙක්. එතුමා ලියපු ලිපි ගණන දස දහසකටත් අධිකයි. එතුමාව විවේචනය කරන අය ලිපිදහයක්වත් ලියපු අයද? එතුමාව විවේචනය කරපු අය සහ එතුමාව විවේචනය කරන අය මේ එතුමා කරපු දේවල් වලින් සියන් එකක්වත් සිදු කොට තිබේද? මෙන්න මේවා අපි ඇසේ යුතු ප්‍රශ්න. ඒ වගේම මම වැදගත් දෙයක් කියන්න අවශ්‍ය. ඒ තමයි අපි දන්නවා 30 වසරක බෙදුම්මාදී ත්‍රස්තවාදයක් ලංකාවේ තිබුණා. එම බෙදුම්මාන්දී ත්‍රස්තවාදය යුදමය වශයෙන් විසදිය යුතුය කියලා පළමුවෙන්ම යෝජනා කළෙත් ආචාර්ය නලින්සු මහත්මයා. ඒ අනුව 30 වසරක බෙදුම්වාදී ඒ ප්‍රස්තවාදය පරාජය කිරීමේ න්‍යායාචාර්යවරයා වන්නේ නලින්සුල මහත්මයා. ඇත්තටම නලින්සුල මහත්මයා කියලා කියන්නේ. ජාතියට මග පෙන්වපු රෘෂිවරයෙක්. නලින්සුල මහත්මයා මිය ගිය මොහොතේ මා මගේ මුහුණු පොතෙහි සටහනක් තැබුවා. මිය ගිය නළිඳ සිල්වා ජීවත් සිටි නලින්ඳ සිල්වාට වඩා ප්‍රබලයි කියා. ඒ වගේම තමයි එතුමා මියගොස් සති කිහිපයකට පසුව පැවතී සුභ සාකච්ඡාවකදී මම සඳහන් කළා. ආචාර්ය නලින්ද සිල්වා කියපු දේවල් බටහිර විද්‍යාවට තේරුම් ගන්න වටහගන්න තව බොහෝ කාලයක් යයි කියා. ඇත්තෙන්ම එතුමා මේ මණ්ඩාකිනි සම්බන්ධව ප්‍රවාදයක් ගොඩනගමින් හිටියා. අලුත් දැනුමක් ගොඩනගමින් හිටියා. වාසනාවකට ඒ පර්වේෂණය අවසන් වන්නට පෙරයි එතුමා අපෙන් වියෝ වුණේ. ඒ වගේම තමයි මේ ආචාර්ය නාලින් සසිල මහත්මයා ගැන පැයකින් දෙකකින් කතා කරලා නිම කරන්නට බැහැ. නමුත් එතුමාගේ උපන් දිනය නිමිත්තෙන් මේ කරන වැඩසටහනේ මම තවත් සුවිශේෂ දෙයක් කියන්නට අවශ්‍යයි. ඒ තමයි ආචාර්ය නලින්ඳ සිල්වා මහත්මයා කියලා කියන්නේ බොහොම සුන්දර මනුෂ්‍යයෙක්. නමුත් බොහෝ අය හිතුවේ එතුමා මේ කේන්ති ගන්න කෙනෙක් කියලා. එතුමට ඇත්තටම කේන්ති යන බව ඇත්ත. ඒකට හේතුව තමයි එතුමාගේ අවංකභාවය. එතුමට බොරු කාර්යයෝ පෙන්නන්න බෑ. එතුමට ව්‍යාජ අනුකරණවාදියෝ පෙන්නන්න බෑ. ඒ වගේ තැන්වලදී එතුමා පහර දුන්නා නිර්භයව එතුමා මෙන්න මේ වගේ දෙයක් ඇහුවා. එතුමා ඇහුවා බටහිර දේවල් ඔවුන්ට බලකාරයෙන් අප මත පටවන්නට පුළුවන් නම් ඇයි අපට පෙරලා ඔවුන්ට පහර වෙන්න දෙන්න බැරි? මෙන්න මේ කාරණාව එතුම ඇහුවා. නමුත් එතුමා තුළ ජීවත් වෙච්ච සොඳුරු මනුෂ්‍යයා බොහෝ දෙනෙක් හඳුනගෙන හිටියේ නැහැ. එතුමා මට සමීපව ඇසුරු කරන්න ලැබුණා දීර්ඝ කාලයක්. මේ වීඩියෝ පටය තව මොහොතකින් අවසන් වෙනවා. ඒ නිසා ඒ සොඳුරු මතක ගැනත් මම යමක් කියලාම මේ වීඩියෝ පට අවසන් කරන්න එතුට කරන ගෞරවයක් විදිහට. ආචාර්ය නලෙන් මහත්මයා විදුසරට ලියපු අපේ ප්‍රවාද මම දිගටම පාසලේදී කියෙව්වා. මම ඉගෙන ගත්තේ ගාල්ල රිජ්මන් විද්‍යාලයේ. ඔයා අතරේ එතුමා දවසක් ලියපු ලිපියක තිබිච්ච නාමරූප පිළිබඳව අදහසකට විරුද්ධව මම ලිපියක් ලියනවා දහවන ශ්‍රේණීය ශිෂ්‍යයෙකු වශයෙන්. ඒ අවස්ථාවේදී එතුමයින් පසුව ලිපියක් ලියා කියනවා කවුද මේ මට විරුද්ධව ලිපි ලියන කෙනා.

Segment 17 (80:00 - 85:00)

මේ බටහිර පාසලක ඉගෙනගන්න ඔල්කට් බෞද්ධයෙක්. මේක නම් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ගේ දරුවගේ නමින් ලියපු ලිපියක්. ඒ තමයි එතුමාගේ මගේ පළවෙනි නොදුටු විවාදය. හැබැයි එතුමාගේ චින්තනය මට බලපාන එක නතර වුණේ නැහැ. මගේ පියා කොමියුනිටස් වාදියෙක්. බලපිටියේ තිබිච්ච කොමයුනිස් පක්ෂ රැස්වීම් අපේ ගෙදර තමයි ඒ කාලේ තිබුණේ. මගේ පියත් දැන් අතර නැහැ. කොමෙන්ස් පක්ෂයේ ඒ සහෝදරවරු ඇවිල්ලා කතා කරනවා නිතරම වචන මට ඇහෙනවා කුඩා කාලේ. විෂය මූල මනෝ මූල මට ඒ කිසිවක් වැටහුනේ නෑහ. හැබැයි මට ඒ වචන වල තේරුම දැනෙන්න හැඟෙන්න පටන් ගත්තේ නලින්ද සිල්ව මැතිතුමාගේ ලිපි කියවලා. ඒ අනුව කොම්මියුනිටස් වාදියකු වෙච්ච මගේ පියාගේ දර්ශනය නෑත් වෙලා මම ජාතිකවාදියකු වෙනවා. නමුත් මම පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එතුමා සමග සමීපව ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබෙනවා. අන්න එතනදි තමයි නළිඳ සිව මහත්මයා නමැතිය සොඳුරු මනුෂ්‍යයා මට හමුවන්නේ. බොහෝ දෙනෙක් දන්නේ නෑ. එතුමා බොහොම විහිළුතහළුවට බර වෙච්ච කෙනෙක්. එතුමා මේ සමාජයේ ප්‍රශ්න විද්‍යාවේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඇතැම් තැන්වල එතුමා බොහොම සැහැල්ලුවෙන් ඒව ගැන අපි සමඟ කතා කළේ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා තමන්ගේ ඒ විශ්‍රාම වැටුපෙන් සෑම මාසයකම තෝරාගත් රෝගීන් ගණනාවකට බෙහෙත් අරන් දුන්නා. ඒක කවුරුවත් දන්නේ නෑ. එතුමා බොහෝ රෝගීන්ට තමන්ගේ විශ්‍රාම වැටුපින් උදව් කළා. ඒ වගේම තමයි එතුමා ලංකාවෙන් ඇමෙරිකාවට ගියපු අවසාන ගමනේදී ලංකාවෙන් යන්න කලින් එතුමාගේ බිරිදගේ ඒ කනකර රත්තරම් බඩු විකුණා ඒවා මගේ මතකය හැටියට රණ විරු අර මුදලකට ප්‍රධානය කරා. මේ නලින්ඳ සිල්ලනමැති සොඳුරු මනුෂ්‍යයා එතුමා තමන්ගේ මිතුරෙකුට මිතුරියකට තමන්ගේ හිතවතෙකුට කරදරයක් වුනාම ඒ හිතවතුගේ පවුලේ කෙනෙකුට කරදරයක් වුනාම දැඩි ලෙස සංවේදී වෙච්ච කෙනෙක්. ඕනෑ තරම් පෞද්ගලික උදාහරණ මට තිබෙනවා. නමුත් ඒවා කියන්නට මේ අවස්ථාව නොවෙයි. නමුත් අවවාසනාවකට අපේ රටේ බහුතරයකට එතුමාගේ චින්තනය වැටහිලා නැහැ. ඉතින් අද දවසේ මේ වීඩියෝ පටය ඉදිරිපත් කරමින් මම බලාපොරොත්තු වුණේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා කොයි ආකාරයෙන්ද ගොඩනැගුණේ සහ එතුමා විසින් මේ රටට කරපු අතීය මෙහෙවර කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබ සමඟ යමක්. බෙදා හදාගන්න. ඒ වගේම තමයි එතුමට එල්ල කරපු තවත් චෝදනාවක් තමයි එතුමා බටහිර විරෝධියෙක් කියලා. ඒක වැරදියි. එතුමා කිව්වේ බටහිර දේ හොඳටම ඉගෙනගන්න. බටහිර දේ පරෙටම ඉගෙනගන්න. බටහිර දේ හොඳට ඉගෙනගෙන බටහිර දේ පරතරට ඉගෙනගෙන ඒ බටහිරට දාර්ශනිකව පහර දෙන්න. ඒ වගේම තමයි එතුමා කියපු කාරණාවක් තමයි මම අනුකාරකත්වය දෙකේ ඉන්නේ නෑහ. අනුකාරකත්වය තුනේ ඉන්නේ නෑහැ. මම ඉන්නවා නම් ඉන්නේ අනුකාරකත්වය එකේ. මොකද කාල වෙලාවත් එක්ක විග්‍රහ කරන්න වෙලා නැහැ. එතුමා දැනුම ප්‍රසම්පාදනය පිළිබඳව යෝජනා කරපු ආකාර හතරක් තියෙනවා. දැනුම අනුකරණය කරනවා අපි අවශෝෂණය කරනවා. දැනුම අපි අභිසංස්කරණය කරනවා. මෙන්න මේ විදිහට එතුමා දැනුම පිළිබඳව ඉදිරිපත් කරපු ප්‍රවාද තියෙනවා. එන් අනුකරණය කියන කාරණාව විදියතුමා කිව්වේ අපි අනුකරණය කරනවා නම් ඒකත් හරියට කරමු. අපේ රටේ මිනිස්සුන්ට අනුකරණයක් හරියට කරන්න බැහැ. මොකද එතුමා එක්තරා ලිපියක සඳහන් කරනවා අපි කරේ මේ බටහිර දේවල් වලින් ලංකාවට යම්කිසි

Segment 18 (85:00 - 90:00)

දේවල් ගත්තා අවසානේ තුනේ මොකක්ද? ඒ බටහිර දේටු වුනෙත් නැහැ. අපිට අපේ දෙයක් ඉටු කරගන්නත් බැරි වුණා කියන කාරණාව. එතුමාගේ පුතාල දෙන්න කොළම රාජකීය විද්‍යාලය ඉගෙන ගත්තේ. එතුමට කරපු ප්‍රබල චෝදනාවක් තමයි ප්‍රතිවාදයෙන් ඇයි ඔබ ආනන්ද විද්‍යාලයට තමන්ගේ පුතාලා දෙන්න යවන්නේ නැතුව ඔලබ රොයල් එකට ඇහුවේ කියලා. එතුමා ඒකට දුන්නු පිළිතුර රොයල් එක මගේ ඉස්කෝලේ හින්දා නෙමෙයි මම මගේ දරුවෝ දෙන්නයි ඇහුවේ. මගේ දරුවෝ දෙන්නයි පාසලට ඇහුවේ. අනුකාරකත්වයේ එක හින්දා. ඒ වගේ මෙතුමා පැහැදිලිවම ඉදිරිපත් කරා අපිට වැරදුන තැන. අපි කොළඹ ආනන්ද විද්‍යාලය ගුඩිස් රොයල් එකක් බවට පත් කරන්න ගියා. මෙන්න මෙතන තමයි අවුල තිබුණේ කියන කාරණාව. ඒ වගේම තමයි එතුමා ඇමෙරිකාවේදී නියයෑම පිළිබඳව තැම්මය චෝදනා එල්ල කරා. ඒ කවුරුත් ධනවාදයට පහරෙල්ල කරමින් ධනවාදයේ ඒ බැම්ම පුපුරුවා අහරින්නට ප්‍රහාරයක් ඇල්ල කරපු කාල් මාක්ස් එංගලන්තේ මියේ යාම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඇත්තටම ඇමෙරිකාවේදී එතුමා මිය ගියේ ඉතාම උතුම් සත්චේතනාවක් ඇතුව ඒ වගේම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා මිය ගියේ මනා සිහි නුවණින්. එතුමා මිය යන බව එතුමාට දැනුනා. එතුමා මිය යන්න දවස් දෙකකට කල්නුත් මා සමඟ කතා කළා. ඇමෙරිකාවේදී දෙතුමා මිය යන බව තමන්ගේ අවසාන මොහොත උදාව ඇති බව දැනගෙන තමන්ගේ ආදරණීය බිරිඳට කියා තිබෙනවා අපි මෛත්‍රී භාවනාව වඩමු කියලා. එතකොට මැතින කියලා තියෙනවා හොඳයි එහෙනම් අපි දෙන්නත් එක්කම මෛත්‍රී භාවනාව මෙනෙහි කරමු කියලා. එතකොට එතුමා කියලා තියෙනවා මෙනෙහි කරන්න ගියොත් මට අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දෙන්නත් එක්කම හඬනගා මෛත්‍රී භාවනාව කියමු කියලා. එතුමා ඒ අවසන් මොහොතට සූදානම් වුණේ මෛත්‍රී භාවනාව හඬගා කියමින්. ඉතින් ඒ නිසා එතුමාගේ ඒ භව ගමනේ මීළඟ නවා තැන ගැන අපි අමුතු වෙන් දුක් වෙන්න අවශ්‍ය නෑ. මෛත්‍රී භාවනාව වඩන අයට ලැබෙන ආනිසංස තමයි සුගතියක ඉපදීම ඇත්තටම කෙනෙකුගේ උපත හරියටම කියන්න පුළුවන් චුතු උපාත ඥානය උපතවාගත්ත කෙනෙකුට තමයි. නමුත් අපි මේ කියන්නේ අනුමානයක් හැබැයි අනුමාය වුණත් ඒ කියන දේට සාධාරණයක් තියෙන බව ඔබට වැටහේ. එතුමා මෙන්න මේ විදිහට එක්තරා ලිපියක ලියා තිබෙනවා. මා පිට රටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන් බුද්ධිමතුන්, දේශපාලනයන් ජනමාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මලගමට එන එකක් නැහැ. ඒත් නැවතත් මෙරට ඉපතීම මගේ පැතුමයි. ඒ බුදු සසුනේ චිරථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍ය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය. ඉතින් මේ වැඩසටහනෙන් මම උත්සාහ කළේ ආචාර්ය නලනසුල මහත්මයා කියන්නේ කවුද ආචාර්ය නලින්සුල මහත්මයා කළේ කුමක්ද සහ ආචාර්ය නලින්සිල්ල මහත්මයාගෙන් අප ලබාගත යුතු පන්නරේකුමක් යන කාරණාව පිළිබඳ ලබා දෙන්න මගේ ලෝකය පොතට 30 වසරක් පිරුණු දවස එතනට ආපු ප්‍රධානර්ථි අමුත්තා මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ කතාවේදී කියනවා අපිට වැරදුනා ඔබතුමා පෙන්නලා දීපු මේ ජාතිකත්වය කියන එක ඒ ත්‍රස්ථවාදී පරාජයෙන් පස්සේ අපි හරියට කළා නම් මේ තත්ත්වය අපිට උදා වෙන්නේ නෑහ. එතුමා ජාතියට මග පෙන්නවපු නායකයෙක්වන්නේ අන්න ඒ නිසා. එතෙන් අද ඔක්ටෝබර් 20 එතුමාගේ ඡන්ම දිනය. ඒ නිමිත්තෙන් එතුමාගේ ඒ භව ගමනට ශාන්තිය වේවායි. ඒ භව ගමන නිවනටම යොමු වේවායයි කියාම ප්‍රාර්ථනා කරනවා. මගේ ආදරණීය ගුරුතුමාට නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මේ දුන්නයූටියුබ් නාලිකාවේ

Segment 19 (90:00 - 91:00)

නාලිකාවේ නිෂ්පාදකතුමාට අද සුවේෂ දවසක් මේ දුන්නයූටියුබ නාලිකාවේ නිෂ්පාදකතුමාගේත් උපන් දිනය ඒ තිබෙන්නේ අද දවසේ ඒකත් අහඹු සිද්ධියක්. ඉතින් දුන්නයූටියුබ් නාලිකාවේ ඒ නිෂ්පාදකතුමාටත් අපේ කල්‍යාණ මිත්‍රයාටත් සුභ උපන්දනයක් මේ සමඟම මම ප්‍රාර්ථනා කරනවා. එසේනම් ප්‍රියවතුනි තවත් මෙවැනිම වීඩියෝ පටයකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඒ වගේමයි අද වීඩියෝ පටය පටිගත කරන්නට සුවිශේෂ අනුග්‍රහයක් ලබාදුන් ගාල්ල ඩිජවල් ආයතනයේ කාර්ය මණ්ඩලයට සහ මනෝද ගුණසයකර මැතිතුමා ඇතුළු පිරිසට මම පින් අනුමෝදන් කරනවා. නැවත හමුවමු. ආයිබවන්

Другие видео автора — Dunna

Ctrl+V

Экстракт Знаний в Telegram

Экстракты и дистилляты из лучших YouTube-каналов — сразу после публикации.

Подписаться

Дайджест Экстрактов

Лучшие методички за неделю — каждый понедельник